(VIDEO) ඉදිරි දින කිහිපය තුළ තමන්ගේත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජීවිත පිළිබඳව අවධානමක් පවතින බව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
බකමූණේ පැවැති ජනරැළියක් අමතමින් හෙතෙම මේ බව ඊයේ (03දා) පැවැසී.
“මේවා සෙල්ලමකට ගන්න එපා. අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන කරන්නේ. ඉදිරි දින කිහිපය මගෙත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගෙත්, ජනරාල් සරත් ෆොන්සේකාගේත් ජීවිත පිළිබඳව බරපතල අර්බූධයක් තිබෙනවා. ආණ්ඩුව පරදින හින්දා, මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යන හින්දා, අද අපේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. අපිට වාර්තා වෙනවා ඉදිරි දින කිහිපය තුළ අපේ ජීවිත පරිස්සම් කරගන්න කියලා. නමුත් අපි ජීවිත ආසාව අත්හැරලා මෙනතට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ජනතාව ඉදිරියේදී මුලු රටට ඇහෙන්න මම කියනවා. අපි ඒවාට මූණ දීලා පස්සට යන්නේ නෑ. අපි පැහැදිලිවම ජයග්‍රහණය කරනවා. අපේ මලකදන් මතින් මහින්ද රාජපක්ෂ මහත්තයාට දිනන්න පුළුවන් කමක් නෑ.”