ඉකුත් දින කිහිපයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අනුරාධපුර නගරය ඇතුළු ප්‍රදේශ කිහිපයකම බිම් ජලයෙන් පිරී තිබිණි. අනුරාධපුර නගරයේ ඇතැම් ස්ථානවල ජලය පිරී තිබෙන අයුරු දැක ගත හැකි විය. අනුරාධපුර දිස්ති‍්‍රක්කයට ඊයේ (03දා) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාපතනයෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 04 ක් අඩි 04 බැගින් හදිසියේම විවෘත කිරීමට සිදු විය.
අනුරාධපුර කලාප වාරිමාර්ග ඒකකය සඳහන් කළේ මේ හේතුවෙන් කලාඔයේ ජලමට්ටමද ඉහළ ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් කලාඔය අවට ජීවත්වන ජනතාව සහ කලා ඔය පරිහරණය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසද කලාප වාරි මාර්ග ඒකකය සඳහන් කර සිටියේය. මීට අමතරව අනුරාධපුර - අංගමුව ජලාශයේද ඊයේ (03) රාති‍්‍රයේ වාන් දොරටු 02 ක් විවෘත කළේය . අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි වැව් රැසක් මේ වන විට වාන් මට්ටමට පැමිණ ඇති බවත්, ඉදිරියටද වැසි පැවතියහොත් කලා වැව ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි වැව් රැසක වාන් දොරටු විවෘත කිරීමට සිදු වන බවද කලාප වාරි මාර්ග ඒකකය සඳහන් කර සිටියේය.