අපුර පාසලක අක්කලා නංගිලාගේ කරාබු බලෙන් ගලවාගෙන?
අනුරාධපුරය නගරයේ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේ පහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් පැලඳ සිටින කරාබු පාසල් වේලාවේදී බලහත්කාරයෙන් කොල්ලකෑමේ සිද්ධියක් පිළිබඳ දෙමවුපියෝ පිරිසක් අනාවරණය කළහ.
තමන් මේ පිළිබඳ විද්‍යාලයේ පරිපාලනයට පැමිණිලි කළද, කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොකිරීම හේතුවෙන් මාධ්‍ය මගින් අනෙකුත් දෙමවුපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔවුහු පැවසූහ.
මීට සති දෙකකට පමණ ඉහතදී විද්‍යාලය තුළ මෙම සිද්ධිය සිදුව තිබුණද, එවැනි සිදුවීමක් සිදුනොවූ බවට ඒත්තු ගැන්වීමට විද්‍යාලයීය පරිපාලනය අසාර්ථක උත්සාහයක නිරත වන බව එම දෙමවුපියෝ පවසා සිටිති.
පාසල අවසන්ව නිවසට පැමිණි තම දියණියන්ගේ කනේ පලඳා තිබූ රත්රන් කරාබු අස්ථානගත වීම පිළිබඳ ප්‍රශ්න කිරීමේදී පාසලේ වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් තම කරාබු ගලවා ගත් බවට පැවසූ බවත්, ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් දහයකට වැඩි පිරිසක් මෙම සිද්ධියට මුහුණපා තිබෙන බවත් ඔවුහු ප්‍රකාශ කරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


