අනුරාධපුරයට ඊයේ (19දා) රාත්රියේ පටන් ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් අනුරාධපුරයේ මාර්ග හා පහත් බිම් ජලයෙන් යටවී තිබේ.
මේ හෙතුවෙන් දහස් ගණනක් වන ජනතාව මෙන් සංචාරකයෝ දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිති.
ඇතැම් මාර්ගවල වාහන ගමනය නවත්වා තිබෙන අතර පූජා භූමිය අවටද ජලයෙන් යටවි තිබේ.
වැවි කිහිපයක් වාන් දමන හෙයින් මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ ඒකකය කියයි.
වැව්වල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන බැවින් ඒවායේ නෑමේදීද පරිස්සම්වන ලෙසද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දික සෙනෙවිරත්න/ ජායාරූප එප්පාවල තිසර සමල්