මදුරුවන් බෝවන ස්ථාන පිරිසුදු කිරීමේ වැඩසටහන වන 'අපිම අරඹමු - ඩෙංගු දුරලමු' ජාතික සත්කාරය යටතේ හෙට (15දා) පෙ.ව 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා නිවාස හා අවට පරිසරය පිරිසුදු කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සියලුම මාධ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය ආයතන සහ දුරකථන සමාගම් ආදිය එකම වේදිකාවක සිට මෙය දියත් කිරීමට නියමිතය.
මේ ආකාරයට රට පුරා පිරිසුදු කිරීම් සිදු කරන ආකාරය මාධ්‍ය ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමටද මේ වනවිට කටයුතු යොදා තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය මගින් සංවිධානය කරන දුම්රිය ස්ථාන පිරිසුදු කිරීමේ ජාතික වැඩසටහනක් අනිද්දා (16දා) පෙ.ව 9.00 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ජාතික සත්කාරයේ මීළඟ පියවර ලෙස ලබන බදාදා (19දා) සියලුම පාසල් සහ කාර්යාල පරිශ්‍ර පිරිසුදු කිරීම ඉලක්ක කරගනිමින් ඩෙංගු ව්‍යවසනය මර්දනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.