අපිට ලැබී තිබෙන්නේ පන්දුවාර 20 ක තරගයක්
දශක ගණනාවක් තිස්සේ පවතින අලි මිනිස් ගැටුම අවසන් කිරීමට තමාට හා තබ නියෝජ්‍ය අමාත්‍යවරයා ලැබී තිබෙන කාලය වසර දෙකක් බවත් එය පන්දුවාර 20 ක ක්‍රිකට් තරගයක් වැනි දෙයක් බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
උඩවලවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ඊයේ (20දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“දශක ගණනාවක් තිස්සේ පවතින අලි-මිනිස් ගැටුම අවසන් කිරීමට අමාත්‍යවරයා වන මටත්, නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාලිත තෙවරප්පෙරුම මහතාටත් ලැබී තිබෙන කාලය වසර දෙකයි. එය විශාල අභියෝගයක් ලෙසයි මා දකින්නෙ.හරියට ඕවර් විස්සේ ක්‍රිකට් මැච් එකක් වගෙයි. අපට ලැබී තිබෙන දෙවසර තුළ මෙය නිමා කිරීමයි පැවැරී ඇත්තේ. වනජීවී දෙපාර්මේන්තුවට දශක අටකට ආසන්නයි. රටේ සංවර්ධනය සමග අලි-මිනිස් ගැටුමත් සංවර්ධනය වෙලා. මෙය ඉතා සංකීර්ණ වුණත් එම අභියෝගය බාර ගැනීමට මට හැකියාවක් තිබෙනවා.
වනජීවියට ආදරේ කරන නොයෙක් සංවිධාන පැය ගණන් මා සමග සාකච්ඡා පවත්වමින් ඉදිරිපත් කර ඇති යෝජනා අතර බඹරුන් ගේන්න,ෆ්ලෑෂ් ලයිට් ගහන්න, නලා ශබ්ද කරන්න යෝජනා කර තිබෙනවා. නමුත් ඒ එකක්වත් ප්‍රායෝගික නැහැ.
ඒ නිසා අලිවැට පමණයි ප්‍රායෝගික වෙන්නේ. එය සාර්ථක හා අසාර්ථක වූ ස්ථාන තිබෙනවා. එහි අඩුපාඩු සපුරාගෙන නිවැරදි ක්‍රමවේදයකට අනුව ඉදිරි වැඩකටයුතු කළ යුතුයි.අනිවාර්යයෙන් අලියා හා මිනිසා අතර" යැයි පවසා සිටියේය.
කසුන් දර්ශන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

