අපි ලෝකයට සාමයේ පණිවුඩය ලබාදුන්නා
ශ්‍රී ලංකා නාමය ලොවට ගෙනයෑමට ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගස නිර්මාණය පිටුවහලක් වී ඇති බවත්, නත්තල් ගස නිර්මාණය කිරීමට රාජ්‍ය මුදල් කිසිම විටක වියදම් නොකළ බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
මෙරට සියලුම ජාතීන් එක්ව ලොව විශාලතම කෘත්‍රිම නත්තල් ගසේ නව ගිනස් වාර්තාව පිහිටුවීම සමග ලෝකයට සාමයේ පණිවුඩය ලබාදීමට ශ්‍රීලංකාවට හැකි වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසූයේ එම නත්තල් ගස ගාලු මුවදොර පිටියේදී ඊයේ (24දා) මධ්‍යම රාත්‍රියේ විවෘත කෙරුණු අවස්ථාවේදීය.
“ජාතීන් අතර, ආගම් අතර අසමගිය පසුගිය කාලයේ අපි දුටු දෙයක්. අපිව කඩලා, බෙදලා, කොන්කරලා මේ රට වෙනස්ම මාර්ගයක ගෙනියන්න පසුගිය කාලයේ උත්සාහ කළා. නමුත් අද ඒ සියල්ල වෙනස් වෙලා. ජාතික සංහිඳියාවත්, ආගමික සංහිඳියාවත් සමග ශ්‍රී ලාංකිකයන් විදියට මේ රටේ ජීවත්වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ නත්තල් ගස නිර්මාණය කරද්දි අපට විශේෂ දායකත්වය ලබාදුන්නේ බෞද්ධ සහ මුස්ලිම් ජනතාව. එයම තමයි මේ රටේ අප සියලුදෙනාම ඉගෙනගත යුතු දේ. වරායේ වෙසක් කලාපය නිර්මාණය කරද්දි අපට සහාය දුන්නේ මුස්ලිම් සහ කතෝලික ජනතාව. මේ විදියට අපි ජාතික සමගිය සහ ආගම් සමගිය සහිතව ඉදිරියට ගියොත් අපේ රට වාසනාවන්ත රටක් බවට පත්වෙනවා. අපි දුටුවා විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා මේ නත්තල් ගස විවේචනය කළා. ඒ අය තමයි ඒ කාලේ ජාතීන් අතර, ආගම් අතර අසමගිය ඇති කරන්න කටයුතු කළේ. නමුත් අපට අද ලෝකයට සාමයේ පණිවුඩය ලබා දීමට හැකි වී තිබෙනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

