අපි මේ ආණ්ඩුව ළඟදීම පෙරළනවා
මේ වන විට අපේ රටේ ළාබාලම පක්ෂය බවට පත්ව ඇති පොදු ජන පෙරමුණ ළඟදීම ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අගලවත්ත ප්රතිරාජ පිරිවෙනේදී ඊයේ (23දා) පැවති ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. පක්ෂයට සාමාජිකයන් ලක්ෂ විස්සක් එකවර බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ රටේ ආර්ථිකය දැන් හොඳටම කඩාවැටිලා. කෘෂිකර්මය නැත්තට නැති වෙලා .එදා ඩී.එස්.සේනානායක මහත්තයාගෙන් පස්සේ මේ රටේ සහල්, බඩඉරිඟු අපනයනය කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. අද මේ අය රටින් හාල්, බඩ ඉරිඟු ගෙන්වනවා.
තායිලන්තයේ අගමැති මගෙ හිතවතෙක්. මම එයාත් සමග දුරකථනයෙන් කතා කළා. ඉස්සර අපි ඒ රටවලින් අහනවා අපේ හාල් ටිකක් තියෙනවා ඕනද කියලා. දැන් හාල් කිලෝ එකක් ගෙනල්ලා ගොවියාගේ වී කිලෝ එකහමාරක් විකුණන්න බැරි තත්වයට පත්කරලා. ලැජ්ජ නැතුව ඉතිහාසයේ පළමු වතාවට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. මේ නිසා අපි පොදුජන පෙරමුණ ඇති කළා. ඒ සඳහා තමුන්නාන්සේලා පෙළ ගැහෙන්න. අපි මේ ආණ්ඩුව ළඟදීම පෙරළනවා” යනුවෙන් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

