වන සතුන් ආහාර විනාශ නොකරනවා නම් පිට රටින් එළවළු හා පලතුරු ගෙන ඒමට අවශ්‍ය නොවන බවත් බෞද්ධ දර්ශනය අනුව සිතුවත් වන සතුන්ගෙන් ආහාර සඳහා විශාල හානියක් සිදුවන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ග්‍රාම ශක්ති වැඩසටහනට බදුල්ලේදී එක්වෙමින් අද (21දා) ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
“ලංකාවේ ආහාර නිෂ්පාදනයෙන් හරියටම තුනෙන් එකක් රිලව්,වඳුරෝ, අලි, ඌරන් සහා මොනරුන් විසින් විනාශ කරනවා .
මොනරට අත තියන්නේ නැහැ දෙවියන්ගේ වාහනය නිසා . අලි අනිවාර්යයෙන්ම ආරක්ෂා කර ගත යුතු සම්පතක්. සතුන්ගෙන් ආහර ආරක්ෂා කරගන්න එක් ලොකු ප්‍රශ්නයක් .
කෘෂි විශේෂඥයෙක් ළඟදි මාත් එක්ක කිව්වා ලෝකයේ සතුන්ට අහාර දීලා මිනිසුන් බඩගින්නේ ඉන්න එකම රට අපේ රට කියලා .ඒක ඇත්ත .
මේ සතුන් කරන විනාශය නැතිනම් අපිට පිටරටින් එළවළු හා පලතුර ගෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ .
වනජීවී දෙපාර්තමේන්තුව හැමදාම කියනාදේ අපි හැමදාම අහල තියෙනවා . අවරුදු 40න් 50න් දෙන විසඳුමක් ගැන තමයි එගොල්ල හැමදාම කතා කරන්නේ .
2012 හෝ 2013 වසරේදී මට මතකයි අපේ රජය හැම දිස්ත්‍රික්කයටම දිසාපති හරහා රුපියල් ලක්ෂ 100 බැගින් මේ රිලවුන් ට හා වඳුරන්ට කරන දෙයක් කරන්න . අවුරුද්ද අවසානයේ ලක්ෂ 100ම ආපසු එවා තිබුනා මොනවත් කරල තිබුනේ නැහැ .
අපි බෞද්ධ විදියට හිතනවා නමුත් ප්රශ්නය ඉතාම උග්‍රයි. ආහාරවලට සතුන් කරන හානිය පිළිබදව විසඳුම් දෙන්න ආණ්ඩුවට විදියට දැනටමත් ප්‍රමාද වැඩි නිසා ඒ කාරණය ගැන කතා කළ යුතුයි.”