කිසිවෙකුට නොවඳින, නොනැමෙන දේශපාලන ක්‍රමයක් බිහිකළ යුතු බවත්, හොරුන් බිහි නොවන දේශපාලන ක්‍රමයක් මෙරටට අවශ්‍ය බවත් නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. අද (10දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේබව පැවසීය.
‘මනාප තුනෙන් එකක් තරුණයෙකුට දෙන්න’ නමින් මාධ්‍ය හමුව නම්කර තිබූ අතර,එ.ජා.ප., ශ්‍රී.ල.නි.ප. තරුණ මන්ත්රීහුඑම අවස්ථාවට එක්වූහ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍යඅමාත්‍ය සුජීව සේනසිංහ මහතා,
“ඉන්දියාවේ, බංග්ලාදේශයේ, පාකිස්තානයේ කාන්තාවන් වැඩි වශයෙන් දේශපාලනයේ නිරතව සිටියත්, අපේරටේ ඒ තත්ත්වය අඩුයි.කාන්තා නියෝජනය වැඩිකරන්න අපි කටයුතු කළයුතුයි. ඒ වගේම තරුණයන්ගේ අවස්ථාත් අපි ඉහළ දැමිය යුතුයි.තරුණයන්ගෙන් වුණත් හොරුබිහිවෙන්න පුළුවන්.
හොරු බිහි නොවන දේශපාලන ක්රමයකුයි අපට අවශ්‍ය වෙන්නේ. අපි කාටවත් වඳින්න ඕන නැහැ. නැමෙන්න ඕන නැහැ. නමුත් කලින් ආණ්ඩුවල වැන්දෙ නැත්නම්, නැමුනෙ නැත්නම් වැඩකරන්න බැහැ” යනුවෙන් සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්යශාන්ත බණ්ඩාර මහතාද මෙහිදී අදහස් පළකළ අතර ඔහු කියා සිටියේ,
“ඔබේ හඬ පාර්ලිමේන්තුවට කියලයි අපේක්ෂකයෝ පොස්ටර් ගහලා තියෙන්නේ.නමුත් පාර්ලිමේන්තු ගිහිල්ලා විවාදවලට, රැස්වීම්වලට සහභාගී වෙන කෙනෙක්ද? තමන්ගේ ජනතා හඬ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන කෙනෙක්ද? අපි පත්කරන්නේ කියලා කල්පනාකර බැලිය යුතුයි.
බුද්ධිමත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට එවන්න ජනතාව කටයුතු කළයුතුයි” යනුවෙනි.
මෙම අවස්ථාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ හර්ෂණ රාජකරුණා මහතාද එක්ව සිටියහ.
ඡායා - ඉසුරු පෙරේරා