අයවැයෙන් වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවැසීය.
එය එසේ වුවත් විවේචනය නොකරන බවද ඔහු කීවේය.
“දැන් අපි ඔක්කොම එකයි. විවේචනය කරන්න තිබුණත් මම විවේචනය කරන්නේ නෑ” යැයි ඔහු පැවැසීය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටියහ.
චමල් රාජපක්ෂ මහතාගේ කතාව අවසන් වූ විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද අත්පොළසන් දුන්හ.