රටක ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට දේශාලන ස්ථාවරත්වය වැදගත් වුවත් ශ්‍රී ලංකාව එකම වරද දිගින් දිගටම සිදු කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. අද (04දා) මහ බැංකුවේදී පැවැත්වුණු 2018 වසරේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
"මගේ පියා මට පවසපු කාරණයක් තියෙනවා. බුද්ධිමත් මිනිසුන් අනෙක් මිනිසුන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. සාමාන්‍ය බුද්ධියක් තියෙන මිනිසුන් තමන්ගේ වැරැදිවලින් ඉගෙන ගන්නවා. මෝඩයන් එකම වරද නැවත නැවත කරනවා කියලා. පසුගිය සති කිහිපයක කාලයක සිට මේ රටේ දේශපාලනය අස්ථාවර මට්ටමක තියෙන්නේ. අපි එකම වරද නැවත නැවත සිදුකරමින් සිටිනවා. මේ තත්ත්වය අපේ රටේ සංවර්ධනයට හිතකර වෙන්නේ නැහැ." අධිපතිවරයා සඳහන් කළේය.