2014 අප්‍රේල් මාසයේ උද්ධමනය 4.9% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 4.2% සිට සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 මාර්තු මාසයේ 4.2% ක් ලෙස පැවති අතර, එය අප්‍රේල් මාසයේදී 4.9% ක් ලෙස සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
මේ අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය මාර්තු මාසයේ වාර්තා කළ 5.7% සිට අප්‍රේල් මාසයේදී 5.6% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.