දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බවත්, සමහර ස්ථානවලට තද වැසි (මිලී මීටර් 100 පමණ ) ඇතිවීමටද ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉහත තත්ත්වය යටතේ උදය කාලයේදීද ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.