විශ්වවිද්‍යාල පද්ධතියේ දෛනිකව ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් හඳුන්වාදෙමින් විශ්වවිද්‍යාල සවිබල ගැන්වීමේ වැඩසටහනක් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතාගේ උපදේශකත්වයෙන් අරඹා තිබේ.
ඒ යටතේ පිළිසරු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතියේ දායකත්වයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම විශ්වවිද්‍යාල විද්‍යා පීඨ පරිශ්‍රයේදී සිදුවිය. විශ්වවිද්‍යාලය තුළ දෛනිකව එකතුවන දිරාපත්වන කසළ භාවිතයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට වැඩපිළිවෙළක් ඇරඹීමටත්, අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය පුළුල් වැඩපිළිවෙළක් දක්වා එය පුළුල් කිරීමටත් මේතුලින් බලාපොරොත්තු වේ.
මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා හා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා විසින් සිදුකරන ලදී.