ඉදිරි වසරේදී අඳුරු අතීතය පසෙක තබා එක් රටක් ලෙස එකට එකතුවී සෞභාග්‍ය උදාකර ගැනීමට කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පවසයි. ගාලු මුවදොර නත්තල ගස සයවැනි දිනයට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරමින් විපක්ෂනායක වරයා මේ බව පැවසීය.
"අපේ ශ්‍රී ලාංකික ජනතාව තවමත් දිළිඳුකමින් පීඩා විඳිනවා. අපි එයට ඉඩදිය යුතු නැහැ. අපේ රට දියුණු විය යුතුයි. අපේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමිය යුතුයි. එමගින් ඔවුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කළ හැකියි. එම අරමුණ ඉටුකර ගැනීමට නම් අප සියලුදෙනාම අත්වැල් බැඳ ගත යුතු වෙනවා.
ශ්‍රී ලාංකිකයන් සාමාන්‍ය‘යෙන් සියලුම ආගමික උත්සව සමරනවා. වෙසක් උත්සවය, සිංහල හින්දු අලුත් අවුරුද්ද, මුස්ලිම්වරුන්ගේ උත්සව සියලුම ශ්‍රී ලාංකිකයන් සමරනවා. අපේ රටේ ජනතාව අතර තිබෙන බැඳීම එයින් පෙනෙනවා. අපේ ආගමික, සංස්කෘතික, භාෂාමය, ශිෂ්ටාචාරයේ අනන්‍යතාව තහවුරු කර ගනිමින් එක ජාතියක් ලෙස ජීවත්වීමට ඇති අවශ්‍යතාවත් එයින් නිරූපණය වෙනවා" යැයි ඔහු පැවසීය.