අනුරුද්ධ පොල්ගම්පොලගේ පත්වීම අත්හිටුවයි?
රාජ්ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අනුරුද්ධ පොල්ගම්පොළ මහතාගේ පත්කිරීම අත්හිටුවීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එම පත්කිරීමට දැඩිව විවේචන එල්ල වූ අතර අනුරුද්ධ පොල්ගම්පොළ මහතා වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි පුද්ගලයෙක් වීම ඒ සඳහා හේතුව වෙයි.
අනුරුද්ධ පොල්ගම්පොල මහතා පසුගිය (04දා) පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් රාජ්ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත්කළේය.
අනුරුද්ධ පොල්ගම්පොල මහතා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විය.
ඉන් අනතුරුව ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා සම්බන්ධ වී කටයුතු කළ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


