අනුරාධපුරයටම ජලය දීමට මහින්ද රජයේ සැලසුම් තිබුණා
මේ වසර අවසන් වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයම ආවරණය වනපරිදි පානීය ජලය ලබාදීමට මහින්ද රාජපක්ෂ රජය සැලසුම් කර තිබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ඊයේ(01දා) පැවසීය.
එහි එක් පියවරක් ලෙස පසුගිය රජය විසින් මහකනදරාව ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලය සම්බන්ධ ව්‍යාපෘතියක් ආරම්භ කළ සෑම අවස්ථාවකදීම පානීය ජලය නිකුත් කිරීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හෝ මහවැලි සංවර්ධන අධිකාරිය විසින් බාරගන්නා බවත්,රජයට හා නිලධාරීන්ට නිසි සැලැස්මක් නොතිබුණු බැවින් පසුගිය කන්න හතරකදී ගොවිජනතාවටවගාකිරීමට නොහැකිව ආදායම් අහිමිව, අසරණ වූ බවත් සේමසිංහ මහතා ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ජීවත්වීමට හැකි ආකාරයේ සාධාරණ වන්දියක් ලබාදිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.
තඹුත්තේගම උද්ඝෝෂණය පැවැත්වූයේකෘෂිකර්ම ඇමතිවරයා නියෝජනය කරන කලාවැව ආසනයේ ගොවීන් බවත්, රජය ගොවි ජනතාව දැනුම්වත් නොකර කටයුතු කිරීමට යෑමේදී මෙවැනි තත්ත්වයක් උද්ගතවිය හැකි බවත් හෙතෙම පවසා සිටියේය.
එම ජනතාවට පහරදීමට උපදෙස් දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා රජය වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්,එම නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

