ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින අනුරාධපුර නගරයේ ප්‍රථම වතාවට රාත්‍රී සමාජ ශාලාවක් ක්‍රියාත්මක වන බව ඊයේ (28දා) හෙළි විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න නගන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා මේ බව ආවරණය කළේය.
ඒ මහතා එසේ ප්‍රකාශ කර සිටියේ රට තුළ දේශීය වෙදකම කරන වෛද්‍යවරුන් සහ දේශීය වෙදකමට අදාළ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය පිළිබඳව මතුකළ ප්‍රශ්නයකට විෂය භාර අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පිළිතුරු දෙන අවස්ථාවේදීය.
රට තුළ පවතින දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සම්බාහන මධ්‍යස්ථාන පමණක් පරිපාලනය කිරීමේ බලය තමාට ඇතිමුත්, ඉන් පරිබාහිරව පවත්වාගෙන යන එවැනි මධ්‍යස්ථාන ගැන තීරණ ගැනීමේ හැකියාව තමාට නොමැති බව අමාත්‍යවරයා කීහ.
කෙසේ නමුදු හැරිසන් මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන 34 ක් අනුරාධපුර මහනගර සභාව සීමාව තුළ පවතින බවයි. එසේම එවැනි මධ්‍යස්ථාන තුනක් මිහින්තලය නගරයේ පවතින බවද ඔහු කීය.
එසේම අනුරාධපුර නගරයේ පවත්වාගෙන යන රාත්‍රී සමාජ ශාලා පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි යනුවෙන්ද ඔහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ සමාජ ශාලා විෂය තමාට අයිති නොවන බවයි.