අනුරාධපුර ආයුර්වේද වට රවුම අසල පදික වේදිකාවේ ගඩුගුඩා අලෙවි කළ වෙළෙන්දෙකු අනුරාධපුර පොලීසිය මගින් ඊයේ (01)අත් අඩංගුවට ගැනීම හේතුවෙන් අනෙක් ගඩුගුඩා වෙළෙන්දෝ කිහිප දෙනෙක් ඊට එකතුව ගඩුගුඩා මහ පාරේ දමා උද්ඝෝෂණයක නියැලූනේ ය.
ගඩුගුඩා වෙළෙන්දෙකු ඊයේ උදෑසන අනුරාධපුර පොලීසිය මගින් පදික වේදිකාවේ ගඩුගුඩා අලෙවි කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන අති අතර ඉන් පසු ඔහු ඇප මත මුදාහැර ඇත.
ඔහුට සිදුවූ අසාධාරණයට එරෙහිව ගඩුගුඩා වෙළෙන්දෝ කිහිප දෙනෙකු එකතුව ඔවුන් සතුව තිබු ගඩුගුඩා මහ පාරේ දමා උද්ඝෝෂණයක නියැලූන අතර අඩංගුවට ගත් පුද්ගලයා ගසකට නැග ගෙල වැලලා ගැනීම සඳහා තැනු රෙදි කඩක්ද එල්ලා ලිපියක් ඇතැතිව ඔහු ද උද්ඝෝෂණයට එකතු විය.
උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ මාර්ග අවහිරයන් සිදු නොවුවත් ගඩුගුඩා අලෙවි කරන තැනැත්තන් නිති පතාම අනුරාධපුර නගර සභාවට කිසියම් මුදලක් ගෙවා රිසිට්පතක් ලබා ගන්නා බව ද අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩි දුරටත් පරීකෂණ පවත්වාගෙන යනු ලබයි.
උපුල් හේරත් - අනුරාධපුර