රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත් කොට සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා තරයේ විරුද්ධ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අද (08 දා) කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට දැනුම් දුන්නේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කොට සිටින ඇප ඇයැදුම් පත්‍රය කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.
එසේ වුවහොත් සාක්කිකරුවන්ට ඉදිරියට විවිධ බලපෑම් සිදුවිය හැකි බවත් ඔහු මීට ඉහතදීද සාක්ෂි වසන් කිරීමට උත්සහ දරා ඇති හෙයින් ඇප ලබා නොදෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව නඩුව ලබන සැප්තැම්බර් (8දා) සලකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා තීරණය කළේය.