නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සහ ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය අනුර විදානගම යන මහත්වරුන් රජයට එක්කර නොගන්න ලෙස බලකරමින් අහංගම සහ මහියංගණය යන ප්‍ර‘දේශවල අද (15දා) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
උද්ඝෝෂණවලට සම්බන්ධවූවන් සඳහන් කළේ මෙවැනි අය නව ආණ්ඩුවට සම්බන්ධ කරගැනීම යහපාලනයට බාධාවක් වන බවයි. මෙම දේශපාලනඥයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය පළකරන බවට ලැබී තිබෙන මාධ්‍ය වාර්තා හේතුවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.