විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ගෙන ඒමට යෝජිත 20 වැනි ආණුඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය අද (25දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් බාරදී තිබේ.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම්වරයාද එක්ව සිටියේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යොජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.