නට්සි විසින් ජර්මනිය මර්ධනය කළාසේම, අනුකම්පා විරහිතව ලෝකයේ ISIS ත්රස්තවාදීන් මර්ධනය කළයුතු බවත්, එසේ නොකළහොත් ලෝකයේ සෑම ගමකම, නගරයකම වහාබ් අන්තවාදීන් තුවක්කුව අතටගෙන අරඹන ලෝක යුද්ධය වැඩි ඈතක නොවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
අද වනවිට ලෝකයේ රටවල් 80ක් පමණ ISIS ත්රස්තවාදීන් සමග සටන් කරන බවත්, මේ සඳහා සෘජුව හා වක්‍රව ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වගකිව යුතු බවත් පවසමින් ISIS ත්‍රස්තවාදය පිළිබඳව ඊයේ(13දා) සිදුකළ කතිකාවතේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
අද වනවිට අන්තර්ජාලයෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගන්නේ ත්‍රස්ත කණ්ඩායම් බවත්, ඒ සඳහා ලොව පුරා මිලියන 100 ක් කටයුතු කරන බවත් ඇමති චම්පික පෙන්වා දෙයි. ඕනෑම රටක පැවතිය යුත්තේ එක නීතියක් පමණි. ඇඳුම පැළඳුමෙන්, සමාජ චර්යාවන්ගෙන්, ආර්ථීක රටාවන්ගෙන් යම් හෝ කණ්ඩායමක් වෙන්වීමට උත්සාහ කරනවා නම් එය සමාජ ඛෙදුම්වාදයේ ආරම්භය බවද හෙතෙම පවසයි. එක ගමක, එක නගරයක සිදුවන එය සමස්ත ලෝකයේම සංවිධානාත්මකව ජාලයක් ලෙස ක්‍රියාත්මකවීමෙන් වධානමක් සේම, ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවීමේ පැහැදිළි තත්ත්වයක් උද්ගතවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය නිවැරදිව අවබෝධකරගෙන කටයුතු කිරීම මධ්‍යස්ත මුස්ලිම් ජනයාගේ වගකීම වියයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
අද වනවිට ලංකාවේ බැංකු ක්‍රමය පාලනය කරන මූල්‍ය මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ බැංකු 08ක ශරියා නීතියට අනුව බැංකු කටයුතු කිරීමට අවසර ලබාදී තිබේ. ඒ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවද පවතින බව ඇමතිවරයා කියයි. මෙය රටේ සැමට පොදුයැයි පවසන නීතියද අභියෝගයට ලක්කිරීමක් බවත්, එවන් තීරණයක් ගැනීමට මූල්‍ය මණ්ඩලයට කිසිදු බලයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම සෑම ක්‍රියාවකින්ම සිදුවන්නේ සිංහල දෙමළ ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනයා වර්ගකොට එක් එක් ජනවර්ගයාගෙන් ඛෙදා වෙන්කිරීම පමණක් බවත්, එවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොමැති අතර අතීතයේ සිට පැවත එන සුහදත්වය සහ සංස්කෘතිය රැකගෙන රටේ පවතින එක පොදු නීතියකට අනුව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.