අනියම් ප්‍රේම සම්බන්ධතාවක් නිසා ඇති වූ ආරවුලක් මත අනියම් සබඳතාව පැවැත්වූ පුරුෂයා, ස්ත්‍රිය සහ ඇගේ දරුවා ඊයේ (13දා) රාත්රියේදී බම්බලපිටියේදී දුම්රියට පැන සියදිවි හානිකර ගෙන ඇති බව බම්බලපිටිය පොලීසිය පවසයි.
මියගිය තිදෙනා මොරටුව ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
ජාතික රෝහලේ මරණ පරීක්ෂණ කටයුතු අද (14දා) සිදුකිරීමට නියමිත අතර, බම්බලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.