කාන්තාවක් හා ඇයත් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය කියන පුද්ගලයෙකු නිවසකට ගින්නකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.ඊයේ (10දා) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති අතර, කමීර් ෆයිරුස් (අවු. 32), ජුනයිට් අයිෂා (අවු. 25) යන අය මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මුතූර්හි නිවසක ඇතිවූ ගින්නකින් ඔවුන් දෙදෙනා මිය ගොස් තිබේ. මෙම ගින්න ඉබේ ඇතිවූවාද එසේ නොමැතිනම් ඝාතනය කිරීම උදෙසා ගිනි තැබූවාද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.