ජාත්‍යන්තර තරුණ සමුළුව කොළඹදී පැවැත්වීම හේතුවෙන් හෙට (07දා) කොළඹ ප්‍රදේශයේ උද්ඝෝෂණ හා පෙළපාළි පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට තහනම් නියෝගයක් නිකුත් කළේය.
තරුණ සමුළුව පැවැත්වීම හේතුවෙන් කුරුඳුවත්ත, කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර ඇති හෙයින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පෙළපාළි හා උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් පනවන ලෙසට කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අදාළ නියෝගය නිකුත් කළේය.
එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු විශ්වවිද්‍යාල 16 ක ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට මහේස්ත්‍රාත්වරයා අදාළ තහනම් නියෝගය නිකුත් කළේය.