අන්තරේ හිටපු කැඳවුම්කරු සංජීව බණ්ඩාරට ඇප නියම කිරීමේදී නීතිවිරෝධී ජනරාශිවල සාමාජිකයෙකු ලෙස කටයුතු නොකරන්නැයි කොටුව මහේස්ත්රාත්වරයා පැන වූ ඇප කොන්දේසිය කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් ඉවත් කරන ලදී.
නීතිවිරෝධී ජන රාශිවල සාමාජිකයෙකු ලෙස කටයුතු නොකරන ලෙසට කොටුව මහේස්ත්රාත්වරයා විසින් පැනවූ ඇප කොන්දේසිය ප්රතිශෝධනය කළ මහාධිකරණ විනිසුරුවරයා, මහේස්ත්රාත්වරයාගේ එම ඇප කොන්දේසිය මගින් නීතිවිරෝධී කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට අධිකරණයෙන් ආවරණයක් ලැබෙන බවද පෙන්වා දුන්නේය.