සයිටම් ආයතන සම්බන්ධයෙන් කමිටු පත් නොකර එම ආයතනය පිළිබඳව රජය දරණ ස්ථාවරය වහාම රටට හෙළි කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
සයිටම් ආයතනය වසා දමන ලෙසට මුළු රටින්ම දැඩි විරෝධතාවක් එල්ල වී තිබෙන බවත්, මේ නිසා සයිටම් ආයතනය පරාජය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සිදුකරමින් තිබෙන බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන්ද සයිටම් වසා දමන ලෙසට ඉල්ලා පන්ති වර්ජනයක් සිදුකර තිබෙන බවත්, මේ නිසා ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාල තුළත් පන්ති වර්ජනයක් සිදුකරන බවද පවසා සිටියේය.