ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අන්තර්ජාලය හරහා ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් දෙදෙනා මේ මස 22 වැනිදා දක්වා මාකොළ තරුණ රැඳවුම් මධ්‍යස්ථානයේ භාරයට පත්කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ වයස අවුරුදු 17ත්, 18ත් අතර වයසැති මෙම දෙදෙනා අද (11දා) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ අනුව අදාළ නියෝගය නිකුත් කර තිබේ.