කාන්තාවන් සමග අන්තර්ජාලයෙන් මිතුරු වී විවාහ කරගන්නා බවට පොරොන්දු වී රන් භාණ්ඩ හා විවිධ භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාදුක්ක, උතුරු කළුතර, දෙහිවල ප්ර‘දේශවල කාන්තාවන් මුලා කර මුදල් හා රන් භාණ්ඩ හා විවිධ භාණ්ඩ කොල්ලකාගෙන තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
වයස අවුරුදු 33 ක් වන සැකකරු වටාපොත, නිවිතිගල ප්ර‘දේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු වී තිබෙන අතර, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අවිස්සාවේල්ල සීතාවක විද්යාල මාවතේදීය.
සැකකරු සතුව තිබී කොල්ලකන ලද භාණ්ඩ හා මෙම කටයුතු සිදු කිරීම සඳහා යොදාගත් යතුරුපැදියක්ද අත්අඩංගුවට ගෙන තිබේ.