අන්තර්ජාතික වනාන්තර දිනය අදට (21දා) යෙදී තිබේ. ඒ අනුව, අනත්ර්ජාතික වනාන්තර දිනය සැමරීමේ ජාතික උත්සවය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මඟින් සංවිධානය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ජාතික උත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හා නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට මධ්‍යම පරිසර අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.