අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණා දැමීමට එරෙහිව ගෙන යන අරගල මර්දනය කිරීමට ආණ්ඩුව පොලීසිය යොදා ගත්තත් අන්තර්ජාතික පොලීසිය ගෙනාවත් සටන අතරමග නවතා නොදමන බව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු ශිෂ්‍ය සංගමය අවධාරණය කරයි.
ආණ්ඩුව විකුණා දැමීම නවතා දමන ලෙස ඉල්ලා පසුගිය 19 වැනිදා ශිෂ්‍ය ව්‍යාපාරය සාමකාමී පාගමනක් පැවැත්වූ බවත් එම පාගමනට ආණ්ඩුව, පොලිසිය යොදාගෙන මර්දනය දියත් කළ බවද එම සංගමයේ වැඩ බලන කැඳවුම්කරු පූජ්‍ය මහහල්වැව රාහුල හිමියෝ අවධාරණය කළහ.
මීට අමතරව භික්ෂු ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිවු දෙනෙකු ඇතුළුව ශිෂ්‍ය ක්‍රියාකාරී 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන සිරගත කළ බවත්, දසදහස් ගණනක් සිරගත කළද අරගලය අතරමග නවතා නොදමන බවද ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී උන්වහන්සේ සඳහන් කර සිටියහ.