ඉන්දියාව තුළ බුද්ධාගම නැවත නගා සිටුවීම වෙනුවෙනුත්, සිංහල ජාතියට හා බෞද්ධාගම වෙනුවෙනුත් කළ අමිල මෙහෙය අගයමින් ශ්රීමත් අනගාරික ධර්මපාලතුමා වෙනුවෙන් ඊයේ (25දා) ඉන්දියාවේදී සමරු මුද්දරයක් නිකුත් කරනු ලැබීය.
ඉන්දීය ජනපති මන්දිරයේදී, ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජී විසින් මෙම මුද්දරය නිකුත් කරනු ලැබීය.
මෙහිදී අදහස් දක්වමින් ඉන්දීය ජනපති ප්රනාබ් මුඛර්ජී පැවැසුවේ, මෙවැනි මුද්දරයක් නිකුත් කිරිම හරහා ඉන්දියාව හා ශ්රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වෙනු ඇති බවයි.