අධිවේගී මාර්ගයන්හි ධාවනය කෙරෙන පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවල මාර්ග බලපත්‍ර පරීක්ෂා කිරීමේ නව වැඩපිළිවෙලක් මහාමාර්ග අමාත්‍යාංශය සමඟ එක්ව පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ආරම්භ කර ඇති බව වාර්තාවේ. මේ අනුව මින් ඉදිරියට අධිවේගී මාර්ගයට පිවිසීමේ අවසරය හිමිවන්නේ නිත්‍ය ධාවන බලපත්‍ර හෝ තාවකාලික ධාවන බලපත්‍ර හිමි මගී බස් රථවලට පමණක් වන අතර සංචාරක ගමන්වල යෙදෙන මගී ප්‍රවාහන බස් රථවලට ජාතික ගමනාගමන කොමිසමෙන් තාවකාලික බලපත්‍රයක් ගෙන අධිවේගී මාර්ගයේ ධාවනය කළ හැකි බවත් අධිවේගී මාර්ගයන්හි ඇති පිවිසුම් ස්ථානවල එක් පිවිසුම් මාර්ගයක් මගී ප්‍රවාහන බස් රථ සඳහා පමණක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් වඩි දුරටත් වර්තාවේ.