හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදි අධිකරණය තුළ අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකුට වසර එක හමාරක අත්හිටවූ සිර දඩුවමක් නියම කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.
වසර එක හමාරක සිර දඩුවම නියම කර එය වසර හතකට අත්හිටවූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට රුපියල් 1000ක දඩ මුදලක්ද නියම කළේය. විමල් වීරවංශ මහතා පසුගිය 24දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි සැකකාර සුදේශ් ප්‍රේමලාල් නැමැති මෙම පුද්ගලයා අධිකරණ ශාලාව තුළ කළහකාරී ලෙස හැසුරිණි.