සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාදාමයට විරුද්ධව රෝගියෙකු විසින් කොළඹ දිසා අධිකරණයේ කරන ලද නඩුවට අදාලව වාරණ නියෝගයක් ඊයේ (29දා) පනවා තිබුණු බවත්, එම අධිකරණ නියෝගයට ගරු කරමින් නොපමාව සේවයට වාර්තා කරන ලෙසත් පරිපූරක සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය ඉල්ලීමක් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය ලේකම්වරිය පෙන්වා දෙන්නේ රෝගීන් ද තම අයිතිවාසිකම් ලබාගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට සිදුවීම සෞඛ්‍ය සේවයටත්, සෞඛ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින සියලු පාර්ශ්වයන්ටත් ගෞරවනීය තත්ත්වයක් නොවන බවයි.
රට තුළ ප්‍රශ්ස්ත සෞඛ්‍ය සේවාවක් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ මෙහෙවර ඉදිරියට ගෙනයෑමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට පමණක් නොව සෞඛ්‍ය සේවයේ නියැලී සිටින සියලු පාර්ශ්වයන්ගේ වගකීම බවද ලේකම්වරිය පෙන්වා දෙයි.
එම නිවේදනයෙන් වැඩිදුරටත් ඇය පෙන්වා දෙන්නේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් ඉදිරිපත් කරන අනෙකුත් සේවා ගණයන්ට බලපාන ඉල්ලීම් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනටමත් ඔවුන් සමග සාකච්ඡා කර ඇති බවත්, අනෙකුත් සේවාවන් සමග ගැටුමක් ඇති නොවන ආකාරයේ තීරණ ගැනීමට අවශ්‍ය බැවින් එම ඉල්ලීම් සම්බන්ධව අදාළ පාර්ශ්වයන් හා තවදුරටත් සාකච්ඡා කර ප්‍රතිපත්ති තීරණවලට එළැඹීමේ හැකියාව තිබෙන බවයි.