අධික වේගය හික්කඩුව හා මාතර ජීවිත 2 ක් බිලිගනී
හික්කඩුව බද්දේගම මාර්ගයේ ආරච්චිකන්ද රෝහල අසල ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් හා මාතර තංගල්ල මාර්ගයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපිටදී ලොරි රථයක පාපැදිකරුවෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (29දා) සවස 4.00ට පමණ හික්කඩුව බද්දේගම මාර්ගයේ ආරච්චිකන්ද රෝහල අසලදී බද්දේගම දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ ජීප් රථයක් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි පහන් කණුවක ගැටීමෙන් එක් අනතුරක් සිදුව තිබේ. අනතුරින් ජීප් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මරණකරු වයස අවුරුදු 66ක කිතුලම්පිටිය, ගාල්ල ලිපිනයේ පදිංචි දයානන්ද බොරලැස්ස යන අය බව හඳුනාගෙන ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.
එමෙන්ම, ඊයේ (29දා) සවස 6.40 ට පමණ මාතර පොලිස් වසමේ අලුත් තංගල්ල මාර්ගයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ඉදිරිපිටදී තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයේ මාතර දෙසට ගමන්කළ පාපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුව ඇති අතර, අනතුරින් පාපැදිකරු මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මරණකරු වයස අවුරුදු 71ක් වූ නූපවෙල, මාතර ලිපිනයේ පදිංචි කදිරවේල් පෙරුමාල් ලෙස හඳුනාගෙන ඇති බවත්, ලොරි රථයේ රියදුරා අත්අංඩංගුවට ගෙන ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන මාතර පොලීසිය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

