මේ රටේ බලශක්ති කේෂ්ත්‍රය හසුරුවන තුන්හතර දෙනෙකු නිසා ජනතාවට අධික විදුලි බිලක් සහ අධික ඉන්ධන පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්, මේ පිරිස පාලනය කිරීමට ශක්තිමත් ජන පෙළගැස්මක් නිර්මාණය කරගැනීම අවශ්‍ය බවත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (05 දා) පැවසීය.
ජිනීවා වටලෑමටත් වඩා භයානක අන්දමින් මේ පිරිස බලශක්ති ක්ෂේත්රය හසුරුවන බව පැවසූ අමාත්‍යවරයා, දරු පරපුරේ නාමයෙන් එය නතර කරගත යුතුයැයි අවධාරණය කර සිටියේය.
පදනම් ආයතනයේ පැවති 'බලය හා බලය' කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
පවතින දේශපාලනික, ආර්ථික හා බලශක්ති කාරණා පිළිබඳව විවරණ සපයමින් පාඨලී රණවක මහතා මෙම කෘතිය රචනා කර තිබුණි.
ඡායාරූප - ඉසුරු පෙරේරා