උඩරට එළවළුවල දැනට පවතින අධික මිල ගණන් මාර්තු මාසය දක්වාම එම මිල මට්ටම්වලම පැවතිය හැකි බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා 'අද'ට සඳහන් කළේය.
උඩරට එළවළු වැඩි වශයෙන් වගා කෙරෙන නුවරඑළිය, බදුල්ල යන දිස්ත්රික්කවලට පසුගිය කාලය පුරාම පැවති අධික වැසි, අස්වැන්න අඩුවීම හා වගා හානි සිදුවීම හේතුවෙන් උඩරට එළවළු මිල වාර්තාගත ලෙස ඉහළ යාමට හේතුව බව ඒ මහතා සඳහන් කළේය.