විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇතිවී තිබෙන ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අද (14දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට පිරිසිදු කිරීම් හා නඩත්තු කටයුතුවලින් ඉවත්ව සිටින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
ගැටලු 06ක් මුල්කර ගනිමින් පසුගිය 28දා සිට සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් දියත් කළද ස්වේච්ඡාවෙන් පිරිසිදු කිරීම් හා නඩත්තු කටයුතු සේම ආරක්ෂක කටයුතු සිදුකරන බවද එම සංගමයේ සම සභාපති ඒ. මල්වත්තගේ මහතා සඳහන් කළේය.
වැඩ වර්ජනයට දින 14ක් ගතවී තිබුණද එයට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති නිසා ස්වේච්ඡාවෙන් සිදුකළ පිරිසිදු හා නඩත්තු කිරීමේ කටයුතුවලින් ඉවත්වන බවද හෙතෙම පවසා සිටියේය.
මෙම වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබේ.