පාසල් ගුරුවරුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබාදෙන්නැයි ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
නව පාලනය යටතේ ගුරුවරුන් මුහුණදෙන ගැටලු විසඳෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්, වැටුප් අර්බුද, උසස් වීම්, ස්ථාන මාරු ඇතුළු ගුරු ගැටලුවලට පැවති රජයෙන් ප්‍රතිචාර නොලැබුණ බවත් එහිදී එම සංගමය සඳහන් කර තිබේ.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යැවූ ලිපියකින් මේ බව සඳහන් කර ඇත.