මාලඹේ පිහිටි පෞද්ගලික උපාධි ආයතනයට නීතිමය අනුමැතියක් ලබාදීමට විරෝධය පළකරමින්, පෙත්සමක් සහිත බැනරයකට මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් හා එම වෛද්‍ය ආයතනයෙන් වන හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වීදි නාට්‍යය සංදර්ශන කිහිපයක් අද (06 දා) අනුරාධපුර නගරයේදී පැවැත්විණි.
මෙහිදී නගරයට පැමිණි ජනතාවට මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් අත්පත්‍රිකා බෙදීමක්ද සිදුකෙරුණු අතර, ශබ්ද විකාශන යන්ත්‍රය භාවිත කරමින් නගරය පුරා ප්රචාරක වැඩසටහනක්ද සිදුකෙරිණි.
මෙම වැඩසටහනට අමතරව දියතලාව නගරයේද මෙවැනි විරෝධතාවක් අද (06දා) දිනයේ පැවැති බව වාර්තා වේ.
හල්දුම්මුල්ල - එස්.පී නානායක්කාර
අනුරාධපුරය - බී.ජී. චතුරංග