දිවයිනට බලපා තිබූ අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබෙන බවත්, එහෙත් අද (19දා) දිනයේදීත් දිස්ත්‍රික්ක 10කට වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බෙංගාල බොක්ක ප්‍ර‘දේශයේ පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී කන්කසන්තුරේ ප්‍ර‘දේශයට කිලෝමීටර් 400 ක දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා සඳහන් කළේය. එබැවින් එම ප්‍ර‘දේශයට සුළං ඇදී යන බවත්, මේ නිසා ඇතිවන අභිසාරී බව හේතුවෙන් දිවයින අවට මුහුදේ සුළඟේ වේගය ක්ෂණිකව වැඩිවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව වයඹ, බස්නාහිර, මධ්‍යඹ සහ සබරගමුව පළත්වලටද, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටද අද (19දා) දිනයේදී මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේය. වැසි සමග අකුණු ඇතිවිය හැකි බවත් අකුණු ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.