දිවයිනට ආසන්නයේ පවතින වායුගෝලයේ කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද හා හෙට දිනයන්හිදී දිවයිනේ හා දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය වැඩි වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එසේම අහස වළාකුළින් බවර පවතින බවත් දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් ඔවුහු පවසති. සමහර ස්ථානවලට විශේෂයෙන් නැගෙනහිර, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර හා දකුණු පළාත්වල මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි අපෙක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.