මෙම මස 4වන දින පවත්වනු ලබන 69 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් අද (1දා) සිට සතියක කාලයක් ජාතික කොඩිය ප්‍රදර්ශනය කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ජාතික නිදහස් දින සැමරීමේ රාජ්‍ය උත්සවය මෙම මස ( 4දා) ජාතික සමඟිය තේමා කරගනිමින් අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.