පවතින වියලි කාලගුණ තත්වයේ සුලු වෙනසක් අද (13 දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු විය හැකි බව නිවේදනයක් මඟින් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව දිවයිනේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ආශ්‍රිතව වැසිවාර කිහිපයක් ඇතිවන බව එම නිවේදනයේ සඳහන්වේ.
මීට අමතරව අනෙකුත් පළාත්වල වියළි කාලගුණික තත්වය තවදුරටත් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.