දිවයිනේ නිරත දිග කොටසට ඇතිව තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයේ සිට අඩුවෙතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (27දා) පෙ.ව. 5.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම සබරගමුව පළාතෙත් ගාල්ල, කළුතර හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 75 දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.