සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය එක්ව ක්‍රියාත්මක කරන ජාතික මදුරු මර්දන සතිය අද (02දා) සිට 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
“සෑම වසරකම අප්‍රේල් මාසයේදී ඩෙංගු රෝගයේ ඉහළයාමක් පෙන්නුම් කරන බවත්, අප්‍රේල් මාසය තුළ පවතින කඩින්කඩ වර්ෂාවත්, දැඩි උෂ්ණ තත්ත්වයත් ඩෙංගු මදුරුවන් බෝවීමට හේතුවන බවත්, එමනිසා සෑම අංශයකම සහයෝගයෙන් මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීම මෙන්ම මදුරු ඝනත්වය අවම කිරීම මගින් රෝග පාලනය සඳහා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කළ බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.