දිවයිනේ බොහෝ පළාත්වල අද (28දා) සවස 02.00න් පසු ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල වැසි අපේක්ෂා කරන බවත්, මෙම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථානවලට (මි.මි. 50ට වැඩි) තරමක් තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව තද වැසි ඇතිවන ප්‍රදේශවල තද සුළං සහ අකුණු ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.